ජනප්‍රිය පෝස්ටු

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී Sunday, May 18, 2014


 


 ආයුබෝවන් හැමෝටම! දැන් ඉතිං අපෙ කස්ටිය වෙසක් ජයටම සමරන්න ඇතිනෙ.දෙතුන් දෙනෙක් ට බඩෙ අමාරුවක් නම් අනිවා හැදෙන්න ඇති.ඒකෙන් දැන් වැඩක් නෑ මාත් ඔහේ කියවනවා.හරි.අද මං කියල දෙන්නෙ ටිකක් අමුතු වැඩක් ගැනයි.මං ඉතිං හැමදාම දෙන්නෙ අමුතු වැඩනෙ.
ඔන්න අද මං කියල දෙන්නෙ වින්ඩෝස් වල තියෙන ඩිෆෝල්ට් ෆෝල්ඩර්ස් වල පාට අපිට කැමති විදිහට වෙනස් කරගන්න ආකාරය.මෙහිදී අප භාවිතා කරන්නෙ පොඩි ම පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක්.නම Rainbow Folders.මෙක ෆ්‍රී සොෆ්ට්වෙයාර් එකක්.

මුලින් ම මෙතනින් බා ගන්නකෝ.බා ගත්තම ලැබෙන්නෙ සිප් ෆයිල් එකක්.ඒ හිංද වින්ඩෝස් අන්සිප් එකෙන් අන්සිප් කරගන්න පුළුවන්.ඒකෙ තියෙන setup.exe ෆයිල් එක රන් කරන්න.


Download
click to begin
792 KB .ZIP


ඉන්ස්ටෝල් කරගත්තට පස්සෙ ඒක open කරගන්න.එතකොට පහළ රූපෙ වගෙ එකක් ඒවි.


 මං ඒකෙ තියෙන දෙවල් ටික ගැන ටිකක් කියල දෙන්න හිතුවා.ලේසියට පහළ රූපෙ වගෙ අංක පිළිවෙලට බලා ගෙන යන්න.



01.මෙතනින් අවශ්‍ය කරන  ෆෝල්ඩර්ස් තෝරගන්න.එකවර ගොඩක් තෝරගන්න නම් Multiple select තෝරගන්න.
02.එතනින්  ෆෝල්ඩරයෙ preview එකක් පාටත් එක්කම පෙන්නවා.
03. මෙතනින් ෆෝල්ඩර්ස් ස්ටයිල් 03ක් ලැබෙනවා.Modern(Vista) කියන තේරීම තෝරගන්න.
ඊට යටින් තියෙන High Contrast ඔප්ෂන් එකත්  තෝරගන්න.එවිට අයිකන් පැහැදිලව පෙනෙවි.
04.මෙතනින් අවශ්‍ය වර්ණය  තෝරගන්න.
05.Random මගින් විවිධ වර්ණ විවිධ අවස්ථාවල ලැබෙ.Favorites  මගින් ඔබට අවශ්‍ය වර්ණ නැවත ලබා ගැනීමට save කරගත හැක.
06.එමගින් ටූල් ටිප් එක වෙනස් කළ හැක.
07.මෙමගින් පළමු බට්න් එක ක්ලික් කිරීමෙන් 04හිදී තෙරූ වර්ණය ෆෝල්ඩර්ස්වලට ලබා දිය හැක.දෙවැනි බට්න් එක ක්ලික් කිරීමෙන් ෆෝල්ඩර්ස්වලට ලබා දී තිබූ වර්ණය ඉවත් කළ හැක.තෙවැන්නෙන් යම් කිසි ෆෝල්ඩරයක්  තෝරා ඇති විට එහි වර්ණය color මෙනුවට ලබා ගත හැත.
08.Options යන්න ක්ලික් කිරීමෙන් ලැබෙන කුඩා වින්ඩෝවෙහි ඇති shell extension යටතෙ ඇති Install ක්ලික් කිරීමෙන් ෆෝල්ඩරයක් උඩ රයිට් ක්ලික් කිරීමෙන් ලැබෙන මෙනුවට Rainbow folders එක් කරගත හැක.



මෙ තියෙන්නෙ ඒ මෙනුව.මෙහෙම ගත්තම 01 ක්‍රමය භාවිතා කරන්න අවශ්‍ය නෑ.

ඔන්න ඉතිං මගෙ ඔළුවත් රිදීගෙන එනවා.මං ගිහිං එන්නං.ටටා....බායි....


- Copyright © VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -