ජනප්‍රිය පෝස්ටු

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී Tuesday, May 13, 2014


ආයුබෝවන්! අද මං ටිකක් වෙනස් විදිහට මගෙ පෝස්ට් එක පටන් ගන්න හිතුවා.කොහොම කොහොමහරි වෙසක් පෝය දවසත් ආවා.ඉතිං කොහොමහරි අපිත් ටිකක් වෙනස් වෙන්නත් එපායැ.ගම්වල උදවිය සිදාදිය පැත්තෙ එහෙම රවුමක් ගහන්න යන්නත් ලක ලැහැස්ති වෙනවා ඇති.ඉතිං මාත් කැලණිය පැත්තෙ වට වන්දනාවෙ යන්න තමයි හිතං ඉන්නෙ.ඊට ඉස්සරවෙල ඔයාලට දීල යන්න දෙයක් මට හම්බුණා.

වෙසක් මාසෙට හරි එක හොද වැඩක් කරන්න එපායැ.ඉතිං අපි ගොඩක් වෙලාවට කරන දෙයක් තමයි චටාස් පටාස් කියල මදුරු මරන එක.ඉස්සෙල්ල කිව්ව වගෙ ඒක පව් වැඩක්නෙ.ඉතිං මුන් ව නොමරත් බෑ.මරලත් බෑ.හරියට කිරි හින්ද  අහක දාන්නත් බෑ උණු හින්ද බොන්නත් බෑ වගෙ.කොහොමහරි උන් ව නොමරා උන්ව එලවන්න පුළුවන් ක්‍රමයක් තමයි අද මං දෙන්නෙ. 

මෙ වැඩෙට සරල මූලධර්මක් යොදා ගන්නෙ.ඒක ඇහුවම ඔයාලට හිනා යයි.අපිට පිරිමි මදුරුවගෙ ශබ්දය හදා ගන්න පුළුවන් වුණා නම් ඒ ශබ්දය ඇසුණු වහාම ලේ බොන ගැහැණු මදුරුවා එතනින් මාරු වෙනවා.

මෙකට යොදා ගන්නෙ පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්.ඒකෙන් අපෙ කනට ඇහෙන්නෙ නැති ඒ වුණාට මදුරුවන් ට ඇහෙන සංඛ්‍යාතයක් නිපදවනවා.ඒ සංඛ්‍යාතය ස්පීකරයෙන් එළියට ඒනවා.ඉතිං මෙක අපිට ගොඩක් වටිනවා.නම Anti Mosquito.නමෙන් ම තේරෙනවනෙ වැඩෙ.



අපිට කරන්න තියෙන්නෙ සුළුම සුළු දෙයක්.


මෙක install කරල ඒක open කරගෙන Activate කියන බට්න් එක ක්ලික් කරන්න 


මදුරු කරදර අඩු වුණා නම් Inactivate බට්න් එක උඩ ක්ලික් කරන්න.

මෙ මෙනුවෙන් වැඩි විස්තර ගත හැකියි.


මෙතනින් බා ගන්න.zip file එකකි.5MB


උදව්වක් විදිහට ක‍මෙන්ට් එකක් දාලා ම යන්.....

- Copyright © VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -