ජනප්‍රිය පෝස්ටු

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී Sunday, January 26, 2014


යාළුවනේ ඔන්න අද මං tech වැඩක් කියලදෙන්නයි යන්නෙ.3D Glass එකක් හදන හැටි....වැඩේ එච්චර අමාරැ නෑ.
මං ඉතිං කම්මැලියනේ.ඒ හිංද photos ටික wikihow කියන සයිට් එකෙන් ගත්ත.
ඔයාලට ප්‍රින්ටරයක් තියෙනවනම් එල.නැතත් අවුලක් නෑ.කඩේකට දීල ප්‍රින්ට් අවුට් එකක් ගත හැකි.‍පහළ ලිංකුවෙන් ගිහිල්ල කණ්ණාඩියේ ආකෘතිය බා ගන්න.
ඒක A4 එකක print කරගන්න. ඊට පස්සෙ box board එකක අලවගන්න.


ඊට පස්සෙ ඒක කපා ගන්න ඕනි.ලස්සනට කපා ගත්ත නම් පහළ රෑපෙ වගෙ තියේවි.


හරි.දැන් lens දෙක හදා ගන්න ඕනි.පර්මනන්ට් මාකර් පෙන් 02 ක් හොයාගන්න ඕන රතු පාටිනුත් නිල් පාටිනුත්.ඊට පස්සෙ කණ්ණාඩියේ ඇස් 02 ට සෙට් වෙන විදිහට කපාගත්තු ඉටි කොළ 02ක් පහත රෑපය පරිදි කපා ගෙන පාට කරගන්න.





දැන් ඒ කපා ගත්ත කෑලි 02 කණ්ණාඩියේ ඇස් 02ට අලවගන්න ඕන.(රතු පාට එක ඔබේ වම් ඇහැටත් නිල් පාට එක ඔබේ දකුණු ඇහැටත් එන විදිහට)


දැන් ඉස්සෙල්ල කපා ගත්ත කණ්ණාඩියේ දෙපැත්තෙ කෑලි 02 ගානට අලවගන්න.


දැන් දාල බලන්න 3D විදිහට පේනවද කියල.



film 3d විදිහට බලන්න ඕන නම්  3d පහසුකම ඇති player ක් ඕන. KMPlayer ඒකට යොදා ගත හැකියි.
KMPlayer නැත්තං මෙන්න බා ගන්න.

- Copyright © VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -