ජනප්‍රිය පෝස්ටු

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී Thursday, January 30, 2014

හරි අද මං හිතුවා තාක්ෂණික ලිපියක් ලියන්න...ඔයාගෙ computer ටත් mic එකක් හදා ගන්න හැටි කියල දෙන්න ඕන කියල හිතුවා..සාමාන්‍ය හෙඩ්ෆෝන් එකක් රැ700 විතර වෙනවනේ..
ඔයාට මේ වැඩේට බවුත් එකක්,ඊයම්,කන්ඩෙනසර් මයික් එකක්,ඕඩියෝ ජැක් එකක් හා වයර් ඕන වෙනවා.මේ බඩු ටික ඔක්කොම ඉලෙක්ට්‍රොනික් බඩු විකුණන කඩේකින් ගන්න පුළුවන්.මේ තියෙන්නෙ කන්ඩෙනසර් මයික් එකෙයි,ඕඩියෝ ජැක් එකෙයි රෑපයක්.මේ දෙකටම රැ 50ක් විතර යාවි.


පහළ තියෙන රෑපය විදිහට අවශ්‍ය දිග ප්‍රමාණයට වයර් අරගෙන ජැක් එකයි මයික් එකයි පාස්සා ගන්න..මයික් එක වැඩිය රත් වෙන්න දෙන්න එපා.පිච්චෙයි.මයික් එක බවුත් කරන කොට මයික් එක අඩුවකින් අල්ලගෙන බවුත් කරන්න.එතකොට ඒකට ලැබෙන රස්නෙ අඩු වේවි.ජැක් එක පාස්සන නම් ජැක් එකේ කළු පාට කවරය ගලවන්න ඕන.ඒකේ පින් 03 ක් ඇති.දිගම එක මයික් එකේ සෘණ අග්‍රයට සෙට් කරන්න.ඊලගට එක සමාන පින් 02න් ජැක්  එකේ මැදට සෙට් වුණු පින් එක මයික් එකේ ධන අග්‍රයට සවි කරගන්න. 
ඊට පස්සෙ ඔයාගෙ නිර්මාණශීලිත්වය අනුව හෙඩ්ෆෝන් එකක හැඩයට ටෙලිෆෝන් වයර් කෑල්ලක් නමල අරගන්න.ඒකෙ ‍කොන් 02 කණ පිටිපස්සෙ රදවන්න පුළුකන් විදිහට නවල හදා ගන්න.මයික් එක කට ගාවට ගෙන්න ඕන හිංද තවත්   ටෙලිෆෝන් වයර් කෑල්ලකින් වියතක් විතර දිග වක්‍රාකාර විදිහට නවා ගෙන ඉස්සෙල්ල හදා ගත්ත ආකෘතියේ දකුණු කණ පැත්තට හයි කරගන්න.දැන් මයික් එක ඒ වක්‍රාකාර කෑල්ලෙ මුලින් තියල සෙලොටේප් වලින් අලව ගන්න.



හරි දැන් ජැක් එක computerයේ audio input කරන තැන තියෙන් රෝස පාට port එකට ගහන්න. 


එතකොට පහළ රෑපය වගේ දැනුම් දීමක් ලැබේවි මයික් එක ප්ලග් ඉන් කරා කියලා.


ඊලගට මේ මයික් එක වැඩ කරනවද කියල බලා ගන්න ඕන නෙ.ඒ නිසා Control Panel > Sound And Audio Devices > Voice tab > Test hardware ක්ලික් කරල hardware  Test  කරගන්න.වැඩ කරන වනම් ගොඩේ ගොඩ.නැත්තං sorry.com


සාමාන්‍යයෙන් අපි හදපු නිසා මයික් එකේ සද්දය pc එකට ලැබෙන්නෙ අඩුවෙන්.ඒ නිසා මයික් එක boost කර ගන්න ඕන.ඒකට audio manager එකට යන්න ඕන.ඔයාගෙ taskbar එකේ ඒක ඇති.double clik  කරල audio manager එකට යන්න.

Mixer කියන ටැබ් එකේදි mic volume යට තිත් දෙකක් ඇති.(..)එතන තියෙන කහ රවුම ක්ලික් කරන්න.


එතකොට Advanced setting කියන වින්ඩෝව ඒවි.Microphone Boost කියන තැන තියෙන කොටුව ක්ලික් කරල හරි ලකුණ දා ගන්න.






One Response so far.

  1. මයික් එක හදන කොට අවුලක් ආවොත් කමෙන්ට් එකකින් කියන්න.

- Copyright © VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -