ජනප්‍රිය පෝස්ටු

VLC player න් ඔන්ලයින් වීඩියෝස් බලන්නේ මෙ‍හෙමයි!

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී

a/l ඉවර වුණා...දැන් තමයි මට වෙලාවක් හම්බුණේ බ්ලොගිය පැත්තෙ එන්න...
අද ඉතිං අපේ සයිබරයන් ට ගෙන‍ාව ගොඩක් අය නො දන්න (දන්න අයත් ඇති හොදේ... ) ඔන්ලයින් වීඩියෝ බලන්න ක්‍රමයක් ගැන.ගොඩක් සයිට් වල වීඩියෝ බලන්න දුන්නට ඒකේ තියෙන ප්ලේයරයේ seek bar එක උඩ ක්ලික් කරල වීඩියෝ එකේ තැනින් තැන බලන්න බැ.මෙහෙම වෙච්ච අය ගොඩක් ඇති.ඒකට පොඩි විසදුමක් හම්බුණා.මේකට ඕනි කරන්නේ VLC player  විතරයි..
හරි කරන්නෙ මෙහෙමයි.මුලින්ම ඒ වගේ වීඩියෝ එක තියෙන සයිට් එකට ගිහිං page එකේ හිස් තැනක right click කොරල එන මෙනුවෙන් view page source මත ක්ලික් කොරන්න.
 
එතකොට විනඩෝවක් ලැබෙනවා.Ctrl+F මගින් find මෙනුව අරගෙන පහත රූපයේ තියෙනව වගේ වීඩියෝවේ url එක හොයාගන්න.පහත රූපය උදාහරණයක් විතරයි.url එක ඊට වැඩිය ගොඩක් වෙනස් වෙන්න පුළුවන්.

හරි ඒ විදිහට හොයා ගත්තු ලිංක් එක කොපි කරගන්න.දැන් vlc එක ඕපන් කර ගන්න.menu බාර් එක‍ේ Media----> Open Network Stream... ක්ලික් කරන්න.නැත්තන් Ctrl+N ෂෝට් කී එක use කරන්න.
 
ක්ලික් කරාම පහල තියෙනවා වගේ වින්ඩෝවක් ලැබෙනවා.

Please enter a network URL කියල text box එකක් තියේවි.දැන් ඉතිං අර කොපි කරගත්තු ලිංක් එක එතන පේස්ට් කරල පහළ තියෙන play බට්න් එක ක්ලක් කරන්න.
වැඩේ හරි.දැන් ඉතිං මේ විදිහට flash player expire වෙලා  update කරන්න කම්මැලි අයටත්  බලන්න පුළුවන් මේ විදිහට..
එහෙනම් ජය වේවා! bro sis

ප්‍රවර්ගය : ,

ඔබේ වෙබ් බ්‍රවුසරයේ කාර්යක්ෂමතාව මැන ගන්න

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී
 

How are you my fans......ඔන්න ඉතිං මං අද ඔයාලගෙ වෙබ් බ්‍රවුසරයෙ කාර්යක්ෂමතාවය මැන ගන්න විදිහක් කියල දෙන්න යි යන්නෙ.මෙක Microsoft අායතනයෙන් අපිට දෙන සෙවාවක්.
ප්‍රවර්ගය : ,

ෆෝල්ඩර්ස් හෝලි උත්සවයට අරන් යමු!

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී

 


 ආයුබෝවන් හැමෝටම! දැන් ඉතිං අපෙ කස්ටිය වෙසක් ජයටම සමරන්න ඇතිනෙ.දෙතුන් දෙනෙක් ට බඩෙ අමාරුවක් නම් අනිවා හැදෙන්න ඇති.ඒකෙන් දැන් වැඩක් නෑ මාත් ඔහේ කියවනවා.හරි.අද මං කියල දෙන්නෙ ටිකක් අමුතු වැඩක් ගැනයි.මං ඉතිං හැමදාම දෙන්නෙ අමුතු වැඩනෙ.
ප්‍රවර්ගය : ,

මදුරු කරදරයට තිත!Anti Mosquito

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී

ආයුබෝවන්! අද මං ටිකක් වෙනස් විදිහට මගෙ පෝස්ට් එක පටන් ගන්න හිතුවා.කොහොම කොහොමහරි වෙසක් පෝය දවසත් ආවා.ඉතිං කොහොමහරි අපිත් ටිකක් වෙනස් වෙන්නත් එපායැ.ගම්වල උදවිය සිදාදිය පැත්තෙ එහෙම රවුමක් ගහන්න යන්නත් ලක ලැහැස්ති වෙනවා ඇති.ඉතිං මාත් කැලණිය පැත්තෙ වට වන්දනාවෙ යන්න තමයි හිතං ඉන්නෙ.ඊට ඉස්සරවෙල ඔයාලට දීල යන්න දෙයක් මට හම්බුණා.

ප්‍රවර්ගය : ,

ඔබෙ පරිගණකයෙ අනිවාර්යෙන් ම තිබිය යුතු ම සුපිරි මෘදුකාංග 48 සමගින් Free Studio!

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී

 අපෙ කස්ටියට තවත් අළුත් ගැජට් එකක් ගැන අද මං ඔයාලට කියල දෙනවා.ඇත්තටම කිව්වොත් මෙක නැති කොම් එකකින් නම් කිසිම වැඩක් නෑ.

ප්‍රවර්ගය : ,

ඔබෙ පරිගණකයත් ටික ටික හිර වෙනවද?විසදුම අපෙන්

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී
 
 කොහොමද අපෙ කස්ටියට.දැන් කාලෙ හැමෝටම වැදගත් වන විදිහෙ ගැජට් එකක් ගෙනවා.මං මෙ දෙන සොෆ්ට්වෙයාර් කෑල්ල ගොඩක් ප්‍රයෝජනවත් එකක්.ඒත් අවාසනාවකට මෙකෙ අළුත් සංස්කරණවල trial period එකක් තියෙනවා.ආ අමතක වුණානෙ මෙ භාණ්ඩෙ නම කියන්න.මෙක Iobit Advanced Windows Care v2Personal .මෙකෙන් අපෙ කම්පියුටර් එක සුපිරියට සුද්ද කරගන්න පුළුවන්.
ප්‍රවර්ගය : ,

- Copyright © VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -