ජනප්‍රිය පෝස්ටු

Vishwajith Weerasinghe විසින් පළ කරන ලදී Monday, May 5, 2014


අෆ්පා අද තමයි ටිකක් විතර free time එකක් ලැබුණෙ.මෙ දවස් ටිකෙම වෙඩිං.හරිම කරදරෙ.ඒකෙන් දැන් කාරි නෑ.ඔන්න ඉතිං මං කොහොම හරි බ්ලොගිය පැත්තට පැන ගත්ත.මං ළගදි දවසක ගූගල් පාරක් දාන කොට (සිංහලෙන්) දැක්කා 'ගැඹුරින් සෙවීම' කියල ඔප්ෂන් ඒකක්. 

මං ඉතිං නෙට් ඒකෙ හැම තැනම කරක් ගහන ඒකානෙ. මං බැලුවා ඒකෙ මොනවද තියෙන්නෙ කියල.ඒකෙන් අපිට සාමාන්‍ය ක්‍රමයට වැඩිය results අරගන්න පුළුවන්.
මුලින් ම google.com එකට ගිහිල්ලා Google.lk offered in: සිංහල කියන ලිංක් එකට යන්න.එතකොට අපිට සිංහලෙන් සෙවීමෙ පහසුකම ලැබෙනවා.

දැන් තිරයෙ දකූණු පැත්තෙ උඩ දැති රෝදයක රූපයක් ඇති.ඒක උඩ ක්ලික් කරන්න.ගැඹුරින් සෙවීම කියන ඔප්ෂනය උඩ ක්ලික් කරන්න.


එතකොට මෙ වගෙ නමක් ඇති සිංහල පිටුවක් ලැබෙවි.
උසස් සෙවුම


මෙ තියෙන්නෙ සම්පූර්ණ ම රූපය.හොදින් බලන්න රූපය උඩ ක්ලික් කරන්න


මුලින්ම තියෙන්නෙ සොයන්න ඕන කරන දේවල් එයාල කියන විදිහට ලබා දෙන එකයි.

මෙ ටික තමයි මුලින් ම කරන්න ඕන.

අන්තර්ගතවන පිටු සොයන්න...
මෙම වචන සියල්ලම:
මෙම නියම්ත වචනය හෝ වාක්‍ය ඛණ්ඩය:
මෙම වචන වලින් ඕනෑම එකක්:
මෙම වචනවලින් එකක්වත් නොවන:
අංක පරාසය:

දෙවැනියට තියෙන්නෙ search results ටික අවශ්‍ය විදිහට සීමා කරන්න.

හොදින් බලන්න රූපය උඩ ක්ලික් කරන්න

ඉන්පසු ඔබගේ ප්‍රතිඵල පටු කිරීමට යොදාගන්න...
භාෂාව:
කලාපය:
අවසාන යාවත්කාල කිරීම:
අඩවිය හෝ වසම:
වචන ඇත්තේ:
SafeSearch:
ගොනු වර්ගය:
භාවිත අයිතීන් :
ආදී වශයෙන් සුදුසු විදිහට දීල 'ගැඹුරින් සොයන්න' කියන නිල් පාට බට්න් එක උඩ ක්ලික් කරන්න.එතකොට අපිට ඕන ම කරන ප්‍රතිඵල ටික ලැබෙවි.

තවත් යටින් මෙ වගෙ ලිංක් 04කුත් තියෙනවා.

හොදින් බලන්න රූපය උඩ ක්ලික් කරන්න
දැන් තවත් ලේසියි නෙ.

ඔන්න මං කිසිම අඩුවක් නැතිව මහන්සි නොබල පෝස්ටුවක් දැම්මා.ඔයාලගෙ ප්‍රතිචාර තමයි දැන් ඕන කරන්නෙ.ජය වේවා!...

- Copyright © VimasumSoft - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -